ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක් සිදු කරනේද යන්න අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ විශේෂ සාකච්චාවකින් අනතුරුව මෙම තීරණය ගැනීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ වසර ගණනාවත් පුරා මිල සූත්‍රයක් යටතේ බස් ගාස්තු තීරණය කරන බවත් බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මූලධර්ම අනුව එහිදී ක්‍රියා කරන බවයි.

එම නිසා ඉන්ධන මිලේ සිදු වූ රුපියල් 10ක වෙනස, සියයට 4ක ප්‍රතිශතයට ප්‍රමාණවත් නොවන බැවින් මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ඔහු ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content