පෞද්ගලික බස් රථවල ටිකට් නොමැතිව ගමන් ගන්නා මගීන් සඳහා දඩ ගැසීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
ඔක්තෝබර් මස පළමු වැනිදා සිට පළමුවරට මෙම ක්‍රියාවලිය බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිතයි.
එසේම ටිකට් පතක් නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට ද දඩ ගැසීමට කටයුතු කරන බවයි බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ.
එම අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ මාර්ග පරීක්‍ෂකවරුන් හිටි හැටියේම ගොඩවී මගීන් ටිකට් පත් ලබාගෙන ඇත්දැයි පරීක්ෂාවට ලක් කරන බවයි.
එලෙස පරීක්ෂාවට ලක් කිරීමේදී මගීන් ටිකට්පතක් ලබාගෙන නොතිබුණහොත් රුපියල් 100ක දඩ මුදලක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණකයක මුදලක් අය කරන බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.