වෙළදසැල්වලින් භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන පොලිතින් බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම් කර තිබෙනවා.
ඒ අනුව අදාල පොලිතින් බෑග් සඳහා අය කරන මුදල පාරිභෝගිකයාට නිකුත් කරන බිල්පතෙහි සඳහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය පළමුවනදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
එමෙන්ම අදාළ පොලිතීන් බෑග් සඳහා අය කරනු ලබන මිල ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.










