Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පූර්ණ හා අර්ධ හානි වූ ගොවීන්ට සතයක්වත් වන්දි ලැබිලා නෑ – මැදවච්චයේ 56 තුලානේ ගොවීන්ගෙන් චෝදනාවක්

    පූර්ණ හා අර්ධ හානි වූ ගොවීන්ට සතයක්වත් වන්දි ලැබිලා නෑ – මැදවච්චයේ 56 තුලානේ ගොවීන්ගෙන් චෝදනාවක්

    පූර්ණ හානි වූ අයට වන්දි මුදල් දීලා තියෙනවා - ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්
    2026-01-18කියවීමට මිනිත්තු 4ක් ගතවේ.145 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජල ගැලීම් හේතුවෙන් හානියට පත්වූ කුඹුරු සහ ගොඩ බෝග සඳහා රජය විසින් ලබාදුන් වන්දි මුදල් ඇතාකඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අංක 56 තුලානේ ගොවීන්ට නොලැබුණු බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඇටවීරගොල්ලෑව ගම්මානයේ ගොවීන් කියා සිටියා.

    දිටවා සුළි කුණාටුව පසුගිය වර්ෂයේ දිවයින අක්‍රමණය කරමින් විශාල විනාශයක් සිදු කළේ හිත් පිත් නොමැති මිනිසුන්ටද ධර්මය සිහි කරමින්.

    එයින් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 56 ඇටවීරගොල්ලෑව වසමේ කුඹුරු සහ ගොඩ බෝග රැසක් පූර්ණ හානියට සහ අර්ධ හානියට ලක්ව තිබෙනවා.

    ජනාධිපතිවරයා විසින් ගොවිජනතාව යලි නගා සිටිවීම උදෙසා එලෙස විනාශ වූ කුඹුරු සහ ගොඩ බෝග සඳහා පූර්ණ හා අර්ධ ලෙස හානි ගණනය කරමින් වන්දි මුදල් ලබා දී නැවත මෙරට ගොවිතැන කඩිනමින් ආරම්භ කිරීමට කඩිනම් තීන්දුවක් ගැනුණා.

    එය බොහෝ ප්‍රදේශවල නිසි පරිදි ක්‍රියාත්මක වුවත් මැදවච්චියේ තුලාන අංක 56 හි සිටින ගොවීන්ට සතයක්වත් නොලැබීමෙන් ගොවීන් තව තවත් අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.

    ජනාධිපතිවරයා විසින් රටේ ගොවි ජනතාව නගා සිටුවීමට ගත් තීන්දුව ඇතාකඩ ගොවිජන සේවා නිලධාරින් සහ තුලානේ එක්තරා ගොවි සමිතියක නිලධාරින් පිරිසක් කුමන හෝ අරමුණක් කරා යාමට මෙලෙස ක්‍රියාත්මක නොකර සිටීම වත්මන් රජයෙ පිළිබඳ ගොවි ජනයා තැබූ විශ්වාසය කඩවීමට ඉඩ හැරීමක් බව ගොවීන් පවසනවා.

    ඇතැම් පිරිස් ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක නොකර ඒ පිළිබද මෙරට අසරණ ජනතාවට සිදුවන අසාධාරණය ජනතාව විසින් මාධ්‍යට හෙලි කිරීම නවතාලීමට එම ප්‍රකාශ ලබාදෙන පිරිස් සඳහා විවිධ බලපෑම් සිදුකරමින් සිටින බවටද වාර්තා වනවා.

    එවන් තාඩන පීඩන බහුලව ලැබෙන වටපිටාවක සිය පීඩනය මුදවා ගැනීමේ අරමුණින් ගොවීන්ට සිදුවන අසාධාරණය පිළිබඳ මාධ්‍යට කරුණු අනාවරණය කළ තුලාන අංක 56 හි ඇටවීරගොල්ලෑව ගම්මානයේ ගොවීන් මෙලෙස කියා සිටියා.

    සුසන්ත ධර්මදාස ගොවි මහතා,

    අපේ ගමේ වැව යටතේ තිබුණු කුඹුරු විනාශ වුණා. අපට ඒවට වන්දි මුදල් ලැබුණේ නැහැ. ජනාධිපතිතුමා ගොවීන් ගැන හිතලා නැවත කුඹුරු වගා කරගන්න වන්දි මුදල් වෙන්කරලා තියෙනවා. පූර්ණ හානි අර්ධ හානි අපට වෙලා තියෙනවා. නමුත් සතයක්වත් ගොවීන්ට ලැබුණේ නැහැ ඒ සඳහා වෙන් කළ මුදල්වලින්.

    ඇතාකඩ ගොවි ජන සේවා, කෘෂි ව්‍යාප්ත නිලධාරින් සහ පැරකුම් ගොවි සමිති නිලධාරින් 2025.12.11 වන දින මේ ඉඩම් පරික්ෂා කළා. අපිත් වන්දි ඉල්ලුම් පත්‍ර පවා පුරවලා දුන්නා. හැබැයි අපේ තුලානේ කාටවත් මුදල් ලැබුණේ නැහැ. අනිත් ගම්මානවල අයට මුදල් මේවන විට ලැබිලා දෙවන වරටත් කුඹුරුවල වගා කටයුතු ආරම්භ කරලා ඉවරයි. වන්දි මුදල් ජනාධිපතිතුමා දෙන්න කියලා තිබ්බත් 56 තුලානේ ගොවීන් මේ බලධාරින් විසින් අසරණ කරලා ඉන්නේ දැන්.

    අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ සොයා බලන්න කියලා. අපට දැන් අතේ මුදල් නැහැ. උකස් කරන්න කන කර රත්‍රං භාණ්ඩත් නැහැ. සියල්ල තියලා කරපු කුඹුරු සහ ගොඩ බෝග වැස්සෙන් හේදිලාම ගියා. අපට සාධාරණයක් කරන්න කියලයි අපි ඉල්ලන්නේ.

    සේපාලිකා ගොවි මහත්මිය,

    අවට ගම්මානවල අයට වන්දි මුදල් මේවන විටත් ලැබිලා. අපට සතයක්වත් ලැබුණේ නැහැ. අපිට ජනාධිපතිතුමා ලබා දුන්න මුදල් දෙන්න කියලයි අපි බලධාරින්ගෙන් ඉල්ලන්නේ. ජනාධිපතිතුමා පැය 24න් විසදුම් දුන්නා ගොවීන් නැවත නගා සිටුවන්න. ඒත් මේ ප්‍රදේශවල බලධාරින් අපට තාම සතයක්වත් වන්දි මුදල් කියලා ලබා දීලා නැහැ.

    අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාට මේ පිළිබඳ අවධානය යොමු කරලා අපට සාධාරණයක් කරන්න කියලා බලධාරින්ට කියලා.

    කුමුදුණි කුමාරි ගොවි මහත්මිය.

    අපි අසරණ වෙලා ඉන්නේ දැන් හොඳටම. අපිට තියෙන ප්‍රශ්නේ අනිත් අයට ලැබුණු වන්දි ඇයි 56 තුලානට විතරක් නොලැබුණේ කියලා. අපිට සාධාරණයක් කරලා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.

    වගා බිම් බලන්න නිලධාරින් අවා. වන්දි අයදුම් පත්‍ර පවා පුරවලා දුන්නා. ඒත් අපිට සාධාරණයකි වුණේ නැහැ.

    එස්.ගුණසිංහ මහතා,

    අපේ ගම්වල කුඹුරු සියල්ල විනාශ වුණා. නිලධාරින් ආවා. බලාගෙන ගියා. එචිචරයි වුණේ. වටේ ගම්මානවලට වන්දි ලැබුණා කියලා පණිවිඩය අපට ලැබුණා. අපිත් ගොවියෝ. මේ රටේ ජනතාවට බත දෙන. අපිට මෙහෙම අසාධාරණකම් කරන්න එපා. අපට සතයක්වත් ලැබුණේ නැහැ.

    මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා 56 තුලානේ අසාධාරණයට ලක්වූ ගොවීන් සියල්ල වෙනුවෙන්.

    මෙම අක්‍රමිකතාව පිළිබඳ අප අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේනා නියෝජ්‍ය කොමසාරිස් කැලුම් දිසානායක මහතාගෙන් විමසීමක් කළා.
    අපි මේවන විට පූර්ණ හානි වන්දි මුදල් ලබා දී තිබෙනවා. තවත් සුලු පිරිසකට පමණයි මුදල් වැටෙන්න තියෙන්නේ. මේ කියන ගොවි මහතුන්ට මුදල් ලැබිලා නැත්තම් මට කතා කරන්න කියන්න.

    ඒ වගේම තමයි ගොවිජන සේවා එකට ගිහින් තමන්ගේ වගා හානි මුදල්වලට මොකද වෙලා තියෙන්නේ කියලා ගොවීන්ට බලා ගන්න පුලුවන් දැන්. කිසිම ගොවියෙකුට අසාධාරණයක් වෙන්න තියන්නේ නැහැ. ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති අයුරින් අපි කඩිනමින් වන්දි මුදල් ලබා දීම සිදු කරලා තියෙන්නේ. නොලැබුණ අය පිළිබද කඩිනමින් සොයා බැලීමක් කරනවා.

    පෙර පුව​තඅධිෂ්ඨානයේ මෙහෙයුම – අඹගහකුඹුර අමුණ සහ ඇළ මාර්ගය පිළිසකර කිරීම අරඹයි
    ඊළඟ පුව​ත නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group