විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයට ක්‍රියාත්මක කළ දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය අද සිට අත්හිටුවා තිබෙනවා.

මේ අනුව නැවතත් පැමිණෙන පිළිවෙල අනුව සේවා සැපයීම සිදු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ජනතාව පසුගිය දින කිහිපය පුරාවටම දැඩි අසීරුතාවකට පත්වන ආකාරය දක්නට ලැබුනා.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේ මේ වනවිට බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවයි.
හදිසි අවශ්‍යතා සඳහා පමණක් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන ලෙස ආගමන විගමන පාලකවරයා ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content