ජල මූලාශ්‍රවල ගුණාත්මකභාවය අඩු වීම හේතුවෙන් පානීය ජලය ලබා දීමේදී නිරන්තරයෙන් ජලයේ ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කරන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කලුආරච්චි මහත්මිය සදහන් කළේ පවතින නියං කාලගුණ තත්ත්වය හමුවේ පානිය ජල ඉල්ලුම ද වැඩි ඇති බවයි.
හඬ පට ධාවකයමේ අතර ජල ගාස්තුව සඳහා වන මිල සූත්‍රය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට පවතින ජල ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය එම මාසය දක්වා පමණක් ක්‍රියාත්මක බවයි.
ඒ අනුව මිල සූත්‍රය හඳුන්වා දුන් පසු එය සංශෝධනය කිරීමට සැළසුම් කර තිබෙනවා.