පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසනවා. මිය ගිය අය අතර කුඩා දරුවන් දස දෙනෙකු සිටින බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේ අතර, තවත් පුද්ගලයින් හැට තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. එමෙන්ම වර්ෂාවත් සමඟ ඇති වු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.
උණුසුම් පුවත්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්














