පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසනවා. මිය ගිය අය අතර කුඩා දරුවන් දස දෙනෙකු සිටින බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේ අතර, තවත් පුද්ගලයින් හැට තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. එමෙන්ම වර්ෂාවත් සමඟ ඇති වු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.
උණුසුම් පුවත්
- කාලගුණයෙන් නිවේදනයක්
- බොරලැස්ගමුවේ වෙඩි තැබීම ගැන නවතම තොරතුරු අනාවරණයක්
- දින 7ක් පුරා අඛන්ඩව ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය අවසන්
- දිවයින පුරා සියලු රෝහල් වල වෛද්‍යවරුන් හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
- මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු කිරීමක්
- විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක්
- රාගමින් කෝටි 14ක මත්ද්‍රව්‍ය අල්ලයි
- උතුරු කොරියාව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි