හෙට දිනයේ මහා ජන හඬ රැළිය පැවැත්වෙන නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨය සහ අවට පරිශ්‍රයේ නිරීක්ෂණය සදහා පක්ෂ කිහිපයක දේශපාලන නියෝජිතයින් අද පැමිණ සිටියා . එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජිව එදිරිමාන්න මහතා පැවසුවේ දැවැන්ත ජනකායක් හෙට දිනයේ මෙම රැලියට සහභාගී වන බවයි.
මෙම අවස්තාව සදහා විපක්ෂයේ පක්ෂ රැසක දේශපාලන නියෝජිතයන්ද සහභාගී වී සිටියා . හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජිව එදිරිමාන්න , ජයන්ත කැටගොඩ , මෙන්ම පිවිතුරු හෙළ උරුමයේ සංස්කෘතික ලේකම් ශිරන්ත ජයලත් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී අජිත් නාරගල යන මහත්වරුන්ද මේ සදහා එක්ව සිටින ආකාරය දක්නට ලැබුණා . මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මෙම මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, නියෝජිතයන්, පාක්ෂිකයන් හා ඒ සදහා සහභාගි වන අතර මහජනතාවගේ ආරක්ෂාව සදහා මෙම විශේෂිත රථාවාහන සහ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබනවා.
හෙට දිනයේ දහවල් පටන් නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ වටරවුම දක්වා වූ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතයි. එම කාලය තුළ රියැදුරන්ට සහ මහජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර හෙට දිනයේ පැවැත්වෙන මෙම රැලිය පිලිබදව වී නිව්ස් අපි ජනතාවගෙන් විමසීමක් කළා .












