නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්රෑම් 405ක පමණ තොගයක් සහ ඩිංගි යාත්රාවක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව කල්පිටිය තුඩාව මුහුදු ප්රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදීයි.
වයඹ නාවික විධානයේ නාවික නෞකා විජය අයාතනය විසින් සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්රාවක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහි තිබී නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ බීඩිකොළ කිලෝග්රෑම් 405ක තොගයක් සොයාගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කල්පිටිය මොහොත්තුවාරම් සහ පල්ලවාසල්තුරේ යන ප්රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.
සැකකරුවන්, ඩිංගි යාත්රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතයි.