නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද මෙරට දී ආරම්භ වනවා.

මෙම තරගාවලිය ජූලි 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය යන අයි.සී.සී පූර්ණ සාමාජික රටවල ඒ කණ්ඩායම් මෙම තරගාවලියට එක්වන අතර, 2023 ආසියානු ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 3 වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ කණ්ඩායම, ඕමාන ඒ කණ්ඩායම හා නේපාලය ජාතික ඒ කණ්ඩායම ද තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ දී තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

එහිදී සත්කාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා බංග්ලාදේශ ඒ කණ්ඩායම අතර තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, ඇෆ්ඝනිස්තාන ඒ කණ්ඩායම හා ඕමාන ඒ කණ්ඩායම අතර තරගය සී.සී.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content