ලොව පුරා කිතුණු බැතිමතුන්ගේ ආගමික නායකයා සහ ලොව කුඩාම රාජ්‍ය වන වතිකානයේ ආගමික නායකයා වන නව පාප් වරයෙක් තෝරා ගැනීම සදහා වන ඡන්ද විමසීම සදහා කාදිනල් වරුන් යළි රැස් වී තිබෙනවා.
ඊයේ වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ විශේෂ රහස් කුටියක පැවති ඡන්ද විමසීමෙන් පාප් වරයෙකු තෝරා පත් නොවූ බව දුම් කවුලුවෙන් කළු දුමාරයක් පිට කරමින් දැනුම් දී තිබුණා.
ඒ අනුව අද දෙවන ඡන්ද විමසීමේ වටය පැවැත්වීමට නියමිතයි.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාල් වහන්සේගේ ස්වර්ගස්ථයෙන් හිස් වූ පාප් දූරය සදහා මෙලෙස නව පාප් වරයෙකු පත් කර ගැනීම සිදු වනු ලබනවා.