ධීවරයින්ට, ‘සයුර’ නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා.
ඒ , කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින්.
එම මණ්ඩලය සඳහන් කළේ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන බවයි.
ධීවර කර්මාන්තයේ යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබඳව විශේෂයෙන් සලකා බලා මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනවා.
වාර්ෂිකව අලුත් කරගත හැකි පරිදි හා ධීවර ජනතාවගේ මූල්‍ය තත්ත්වයට අනුව ආවරණ මට්ටම් 03කින් සමන්විත සහ ඉතා සුළු වාරික මුදලක් යටතේ දායකවිය හැකි පරිදි මෙය සකස් කර තිබෙනවා.
එයින් ධීවර කර්මාන්තයේ යෙදීමේදී හදිසි අනතුරු තත්ත්වයන් මත සිදුවන ජීවිත අහිමිවීම්, පූර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන් සඳහා මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් වන රෝහල්ගත වීම් සහ අවමංගල්‍ය කටයුතු ආවරණය කරමින් මෙම රක්ෂාවරණයෙන් ප්‍රතිලාභ හිමිවනු ඇති.
මෙය ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.