දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මැයි 24වනදා එම මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසාතැබීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත නිවේදනයක් යොමුකරමින් දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුතක් මැයි 24වනදා සිදු කිරීමට නියමිතයි.
මේ හේතුවෙන් එදින පෙ.ව. 9 සිට පසුදින පෙ.ව. 6.00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තැබෙනු ඇති.
මෙම කාලසීමාවන් තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිතා කරනමෙන් ධම්මික ජයසුන්දර සිය නිවේදනයෙන් දන්වා සිටිනවා.