Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-03-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.104 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා තැන්පත් කර තිබූ කාන්තා මළ සිරුරක් රෝහල් සේවකයින් තිදෙනෙක් විසින් ඉකුත් 23 වන දින දූෂණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ ත්‍රිපුද්ගල කමිටුව විසින් සිදුකරනු ලබන විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ලංකා කම්කරු කොංග්‍රසය ඊයේ(04) හැටන් නගරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

    ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා සහ හැටන් දික්ඔය නගර සභාවේ උප සභාපති(ලකකො) පෙරුමාල් සුරේන්ද්‍රන් යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට එක්වී සිටියා.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පෙරුමාල් සුරේන්ද්‍රන් මහතා කියා සිටියේ එම සැකකරුවන් තිදෙනා අවස්ථා දෙකකදී එදින රාත්‍රී මෘත ශරීරාගාරයට ගිය බවට සාක්ෂි ලැබී ඇති බවයි.

    ඉන් එක් අවස්ථාවක් රාත්‍රී 9-10ත් අතර කාලයේදී ගොස් ඇති බවත්, එහිදී එම සැකකරුවන් තිදෙනා විනාඩි කිහිපයක් මෘත ශරීරාගාරය තුළට ගොස් ආපසු පැමිණෙ දර්ශන පමනක් පදනම් කරගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන ත්‍රිපුද්ගල කමිටුව සිදුකරන බවත් එම විමර්ශන කටයුතු සිදුකරනු ලබන්නේ රෝහලේ සේවකයින් තිදෙනා රැකගැනීමට බවයි පෙරුමාල් සුරේන්ද්‍රන් මහතා කියා සිටියේ.

    එම සේවකයින් තිදෙනා යළිත් 24 වන දින අලුයම 1ට පමණ මෘත ශරීරාගාරයට ගොස් පැයකට ආසන්න කාලයක් විවිධ ඉරියව්වලින් එහි රැඳී සිට මෘත ශරීරාගාරය තුළ හැසිරෙන ආකාරය මෘත ශරීරාගාරයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන් වී ඇති බවත් එම දර්ශන රෝහල් කාර්ය මණ්ඩලයේ මෙම සිද්ධියට විරෝධය දක්වන සේවකයින් විසින් දැක ඇති බවට තමන් වෙත තොරතුරු ලබාදී ඇති බවයි උප සභාපති(ලකකො) පෙරුමාල් සුරේන්ද්‍රන් මහතා කියා සිටියේ.

    රෝහලේ සී.සී.ටී.වී. කැමරා දර්ශන ස්වයංක්‍රීයව මැකීයාමට ප්‍රථම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මට්ටමින් විමර්ශනයක් සිදුකළ යුතු බවයි පෙරුමාල් සුරේන්ද්‍රන් මහතා කියා සිටියේ.

    මෙම මාධ්‍ය හමුවට එක්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සබාපති කනපති කලගරාජ් මහතා කියා සිටියේ මෙය සාමාන්‍ය සිදුවීමක් ලෙස සැලකිය නොහැකි බවත් සමස්ත වතුකරයේම ජනතාවට බලපාන ගැටලුවක් නිසා මෙම සිද්ධියට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩව උද්ඝෝණ සිදු කරන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියේ.

    තවද රෝහල් පරිපාලනයේ පවතින අවිධිම් සහ දුර්වල පාලනය හමුවේ මෙවැනි සිදුවීම් දික්ඔය මූලික රෝහල තුළ සිදුවී ඇති බවත් මෙය පළමුවන සිදුවීම නොවන බවත් මෙවැනි සිදුවීම් ගණනාවක් රෝහල තුළ සිදුව ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවත් එම සිද්ධීන් රෝහලේ පාලනාධිකාරිය මගින් වසන් කර ඇති බවයි කනපති කනජරාජ් මහතා වැඩිදුරටත් පවසන්නේ.

    පෙර පුව​තඅද දවසේ කාලගුණ තත්ත්වය
    ඊළඟ පුව​ත මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group