දෙමල ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වුණා.

එහිදී පසුගිය 13 වනදා පැවති සන්හින්දියව පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – අධිකරණ හා විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙන්ම නීතිපතිවරයාද සහභාගි වූ මෙම හමුවට දෙමල පක්ෂ නියෝජනය කරමින් පැමිණ ඇත්තේ ආර් සම්බන්ධන්, එම් ඒ සුමන්තිරන් හා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක්.

මෙහි දී ගනු ලැබූ තීරණ පිළිබඳ දෙමළ ජාතික සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා කරුණු දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2022/12/SUMANTHIRAN.mp3?_=1

 

WhatsApp Group

Skip to content