මන්නාරම පොලිස් ස්ථානයේ පොලිස් මුළුතැන්ගෙට අවශ්‍ය දර සෙවීමට ගිය පොලිස් සැරයන්වරයකු ඊයේ 19 අතුරුදන් වී ඇති බව මඩු පොලිසිය පවසයි.
අතුරුදහන් වී ඇත්තේ මන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් 3339 සරත් නමැති නිළධාරියෙකු වන බවද පොලිසිය පැවසූහ.
පොලිස් සැරයන්වරයා ඇතුළු පිරිසක් දර සෙවීමට ට්‍රැක්ටර් රථයකින් මඩු කැළෑවට පැමිණි අවස්ථාවේ අතුරුදහන්ව ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මඩු හා මන්නාරම් මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායම් කිහිපයක් අතුරුදහන් නිළධාරියා සොයා අද 20 උදැසන වන විටත් පරීක්ෂණ මෙහෙයවන බවයි.
අතුරුදහන් නිළධාරියා අද 20 උදැසන වන විටත් සොයා ගැනීමට නොහැකි වු බව පොලිසිය සඳහන් කළහ.
මඩු කැළෑවේ දර කැඩීමට ගිය අවස්ථාවේ වලස් ප්‍රහාරයන්ට හා වන අලි ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයින් කිහිපදෙනෙකු මීට පෙර ජිවිතක්ෂයට පත්ව ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්