Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දයාසිරිට නිදහස් පක්ෂයේ දොර වැහෙයි

    දයාසිරිට නිදහස් පක්ෂයේ දොර වැහෙයි

    2023-09-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැරූ සියලු තනතුරුවලින් තමා ඉවත් කර ඇති බවට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දී ඇති බව දයාසිරි ජයසේකර මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

    කෙසේ වෙතත් තමන් තවදුරටත් පක්ෂපාතිව කටයුතු කරන බවද දයාසිරි ජයසේකර මහතා එම ටුවිටර් පණිවුඩයෙන් දන්වා තිබෙනවා.

    එමෙන්ම දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ සභාපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් අද පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවයි.

    පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුත් ලිපියක් දයාසිරි ජයසේකර මහතා වෙත යොමු කරමින් අදාළ තහනම් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

    ඒ් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන්ද දයාසිරි ජයසේකර මහතා ඉවත් කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ ඉවත් කිරීමට අදාළ ලිපිය ඊයේ(05) දින තමා වෙත ලැබුණු බවයි.

    ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඉදිරි දින 14 ඇතුළත විනය කඩ කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය එවීමට කටයුතු කරන බවත් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලපියේ දැක්වෙනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එහි 15 වන වගන්තියේ පක්ෂ සභාපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගත් බවටයි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.

    ඒ අනුව නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒ්කානායක මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.

    මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමාට කැදවීමක් කර ඇති බවද සරත් ඒ්කනායක මහතා කියා සිටියා.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වසා දමා ඇති බව වාර්තා වනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරමින් යැවූ ලිපිය පහතින් දැක්වේ.

    ආශ්‍රීත පුවත්:  අත ලකුණින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි

    dayasiri jayasekara MAITHRIPALA SIRISENA sarath ekanayake Sri Lanka Freedom Party දයාසිරි ජයසේකර මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සරත් ඒකනායක
    පෙර පුව​තනිරිත දිග ප්‍රදේශවල වැසි වැඩි වීමේ තත්වයක්
    ඊළඟ පුව​ත සහල් සංචිත හිඟ වුවහොත් ආනයනය කරනවා

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group