සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ(22) රාත්‍රීයේ සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 187ක් ලබාගැනීමට සමත් වූළුා.
එහිදී David Miller ලකුණු 63ක් ලබාගැනීමට සමත් වූ අතර Dewald Brevis ලකුණු 45ක් සහ Tristan Stubbs ලකුණු 44ක් ලබාගැනීමට සමත් වූවා.
සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah කඩුලු තුනක්ද Arshdeep Singh කඩුලු දෙකක්ද දවා ගත්තා.
එක් කඩුල්ල බැගින් දවා ගැනීමට Varun Chakravarthy සහ Shivam Dube සමත් වූවා.
ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18.5කදී සියලු දෙනාම දැවී රැස් කළෙ ්ලකුණු 111ක් පමණයි.
Shivam Dube ලකුණු 42ක් රැස් කිරීමට සමත් වූ අතර සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව වෙත පැමිණීමට සමත් වූයේ නැහැ.
පන්දු 35කදී ලකුණු 63ක් ලබාගත් David Miller තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණා.
තරගය ඉන්දියාවේ අහ්මෙදාබාද්හි පැවැත්වුණා.











