අක්කර බාගයකින් මෙතෙක් ලබාගත් වැඩිම අමු මිරිස් අස්වැන්න හා ආදායම තිරප්පනේ පුලියන්කුළම ප්‍රදේශයේ ගොවියෙකු විසින් උපයා තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු රුපියල් කෝටියක පමණ වාර්තා ගත ආදායමක් උපයා ගෙන ඇති බවයි.
අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ පැළ 13,000ක් ඔහු විසින් රෝපණය කර ඇති අතර මාස 9 ක් පුරා ඔහු අඛණ්ඩව මිරිස් අස්වැන්න නෙලා ගෙන තිබෙනවා.