නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

අප කල විමසීමකදී ඔහු කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම් කිරීමට අදාළ දින කිසිදු හේතුවක් නිසා දිර්ඝ නොකරන බවයි.

කෙසේ වෙතත් අද දිනය පුරාම තැපැල් ඡන්ද අයදුම් කිරීමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඒ අනුව, අද දින තැපැල් ඡන්ද නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාර දීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනිම සඳහා හේතුවක් නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content