නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙම මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම පොදු සමා කාලය ඇතුළත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට ද සේවය හැරගිය සාමාජිකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම සමා කාලය අප්‍රේල් මස 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

WhatsApp Group

Skip to content