ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 14 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 04ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 63 ත් අතර වයසේ පසුවන මූතූර්, කින්නියා, වෙල්ලමානල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.
නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් 14 දෙනා ඉදිරි නීතීමය කටයුතු සඳහා කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි













