කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
අද අලුයම 2.45ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වුනේ..
එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නැහැ.
අනතුර සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














