සංවිධානාත්මක අපරාධ චෝදනා එල්ල වී සිටින ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රධානී පාවෙල් ඩුරොව්ට ප්‍රංශයෙන් පිටවීම තහනම් කර තිබෙනවා.

අදාළ චෝදනා ලබා සිටින 39 හැවිරිදි ටෙලිග්‍රෑම් ප්‍රධානියා මේ වන වි‍ට බන්ධනාගාරගත කොට නැති අතර ඔහුට සතියකට දෙවරක් ප්‍රංශයේ පොලිසියක පෙනී සිටිය යුතු බව දන්වා තිබෙනවා.

අධිකරණයේ අධීක්ෂණය යටතේ තබා ඇති පාවෙල් ඩුරොව්ට යුරෝ මිලියන 5ක දඩයක් ද පනවා ඇති අතර ඔහුට එරෙහිව මේ වන විට සමාජ විරෝධයක් ද එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙවන් තත්ත්වයක් යටතේ ටෙලිග්‍රෑම් ප්‍රධානියාට එල්ල වී ඇති චෝදනාවන් වන්නේ, සංවිධානාත්මක කල්ලියක් විසින් නීතිවිරෝධී ගනුදෙනු සක්‍රීය කිරීම සඳහා මාර්ගගත වේදිකාවක් පරිපාලනය කිරීමේ සංකීර්ණත්වය, බලධාරීන් සමඟ සන්නිවේදනය කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ ළමුන්ගේ ලිංගික රූප සංවිධානාත්මක සාපරාධී බෙදාහැරීමේ සංකීර්ණත්වයයි.

WhatsApp Group

Skip to content