ටියුනිසියාවේ හිටපු ජනාධිපති මොන්සේෆ් මර්සුකිට එරට අධිකරණය මගින් වසර 22 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
ඔහු එරට ජනාධිපති ධුරය දරන සමයේ, ටියුනීසියාවේ රාජ්‍ය ආරක්ෂාව අඩපන කිරීමේ චෝදනාව මත මෙම සිර දඩුවම නියම කර ඇති බවයි සදහන් වන්නේ.
මොහු 2011 වසරේ සිට 2014 දක්වා කාලය තුල ටියුනීසියාවේ ජනාධිපති ධුරය හොබවා තිබෙනවා.
කෙසේවෙතත් මේ සම්බනධයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ, අධිකරණයට තමන්ට කිසිවක් කළ නොහැකි බවයි.