Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ගැටලුවලට තවමත් රජයෙන් විසඳුමක්

    ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ගැටලුවලට තවමත් රජයෙන් විසඳුමක්

    2025-07-05කියවීමට මිනිත්තු 3ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අප රටේ අපනයන විශාල ප්‍රමාණයක් ඇමෙරිකානු වෙළෙඳ පොළට යොමුවන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරක බදු නිසා අප රටේ අපනයනවලට විශාල තරගයක් ඇතිව තිබෙන බවත් තවත් රටවල් ද මේ බදුුවලට මුහුණදීමට එම රටවල නායකයන් ඇමෙරිකාවේ ආර්ථිකය ගැන තීන්දු ගන්නා අය සමග කතා කර අවබෝධතා ගිවිසුම් ඇති කර ගත්තත් අප රටේ ආර්ථිකය බාර අය කර්මාන්ත ක්ෂේත්‍රයේ අය එවැනි ගිවිසුම්වලට එළැඹ නැති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

    මේ ගැන සමගි ජන බලවේගය ප්‍රශ්න කරන විට දූත කණ්ඩායම් යවනවායැයි ගිහින් සාකච්ඡා කරනවායැයි රජය පුරසාරම් දෙඩුවත් අද වෙන තුරු මේවාට විසදුම් නැති බවත් අප රටේ අපනයනය ක්ෂේත්‍රයට තර්ජනයක් සිදුව ඇති මොහොතක මේ වැඩ බැරි ආණ්ඩුව කටවහන් සිටින බවත් මේ රජයට උත්තර විසදුම් ලබාදෙන්න බැරි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කලාවැව ධීවර ගම්මානයේ අද පැවැති විපක්ෂ නායක ජංගම සේවාව හා එක්වෙමිනි.

    මෙහි දී එම ගම්මානයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සිදුවිය.

    රටක් ලෙස 2028 විදේශ ණය ගෙවන්න සිදුවන බවත් පසුගිය රජය ඇති කර ගත් ෂඵත්‍ ගිවිසුම වත්මන් රජයද ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් මෙවැනි අපනයන ගැටලු තිබියදී විදේශ ණය ගෙවන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ණය ගෙවන්න නම් ආර්ථික වර්ධනය 5%ක් විය යුතු වුවත් පුරෝකථනය කරන ආකාරයට මේ වසරේ ආර්ථික වර්ධනය වේගය 3.5% සහ ලබන වසරේ 3.1% විය හැකි බවත් 2028 ණය ගෙවන්න නම් 5%ක් කරා යා යුතු වුවත් මේ රජය අපනයන ක්ෂේත්‍රයට නිසි වටිනාකමක් නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කම්හල් 200 හරහා රටට ඩොලර් ගෙන ආවත් අද වන විට වත්මන් රජය නිසා අප රටේ අපනයන කඩා වැටෙන බවත් මොවුන්ට තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග ගිවිසුමකට එන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

    අප රටේ මහජන නියෝජිතයන් මැතිවරණ සමයේ ජනතාවට අතරට ගොස් ඡන්දය ලබාගෙන මැතිවරණයෙන් පසු බලය ලබාගෙන ජනතාව අමතක කරන බවත් එය තමා වෙනස් කර ඇති බවත් අප රටේ මේ වන විට ජනතා ගැටලුවලට ඇහුම්කන් නොදීම විසදුම් නොලැබීම සහ ප්‍රශ්නවලට උත්තර නොලැබීම නිසා හිඩසක් නිර්මාණය වී ඇති බවත් මේ ප්‍රදේශයේ ජනතාවද ගැටලු රැසකට මුහුණ දෙන බවත් වත්මන් රජයවත් ඒවා අවබෝධ කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    අද වන විට ජනතාවට ජීවත් වීම අමාරු බවත් එදිනෙදා වේල් තුන පිරිමහගන්න නොහැකි බවත් නිශ්චිත ආදායම් මාර්ග නොමැති වීම නිසා සෑම පුද්ගලයකුම ණය කරුවන් බවට පත්ව ඇති බවත් දේපල කණකර පවා උකස් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    සංචාරක කර්මාන්තය ගොවිතැන හෝ ධීවර කර්මාන්තය හෝ වේවා මේවා තුළින් උසස් ජීවන මට්ටමක් ඇති ජන ජීවිතයක් නිර්මාණය කරන්න හැකියාවක් නොමැති බවත් ජනතාවට ඔප්පු හා බලපත්‍ර පවා නොමැති බවත් නිවසේ ඉඩමේ ප්‍රාග්ධන වටිනාකම නොමැති නිසා දියුණුව ද අවහිර වන බවත් මේ ජනතාවගේ ඉඩම් නිවාස ගැටලුවලට විසදුම් ලැබී නොමැති බවත් වනජීවී ක්ෂේත්‍රය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කරන්න හැකි වුවත් එය ද නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    මේ ජනතාවගේ ප්‍රශ්න සටහන් කර ගෙන පාර්ලිමේන්තුවේ මේ ගැටලු ඉදිරිපත් කර විසදුම් ලබාගන්නා බවත් ඊට අමතරව සමගි ජන බලවේගයට විපක්ෂයක් ලෙස කළ හැකි විසදුම් ලබා දෙන්නද කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තබැංකු ගිය වන අලියා පන්සල් ගිහින් සප්පායම් වෙයි
    ඊළඟ පුව​ත ජපානෙට අද මොකක් වෙයිද

    සබැ​ඳි පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    පිංවත්තේ පුද්ගල ඝාතනයක්

    දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group