2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු මාර්තු 08 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 75 කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙනු ඇති.