ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගන්නට බී ලව් කැන්ඩි සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම් සමත් වුණා.
පළමු තරගය පැවැත්වුණේ බී ලව් කැන්ඩි සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතරයි.
මෙහිදී තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 160ක් ලබා තරගය ජය ගත්තා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 48යි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි කණ්ඩායම ලැබු පළමු ජයග්‍රහණය මෙයයි.
මේ අතර ගෝල් ටයිටන් කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 08කින් ජය ගන්නා ජැෆ්නා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 117ක් පමණයි. දසුන් ශානක ලකුණු 30යි.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 12 යි පන්දු 4කදී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 120ක් ලබා තරගය ජයග්‍රහණය කළා.
රහමුනුල්ලා ගුර්බාස් ලකුණු 54ක් රැස් කළා.
මෙම ජයග්‍රහණයත් සමග ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














