ජාතික මදුරු මර්දන සතිය අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අනුව අද සිට ලබන ජූලි මස පස් වැනිදා දක්වා මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මකයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වසරේ අවසාන මාස පහ තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් මාසයේ සහ මැයි මාසයේ බවයි. මේ අතර අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,175 ක් සහ මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 6,025 ක් වාර්තා වී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.