රට බංකොලොත්භාවයට පත් කළ පුද්ගලයින් ආරක්ෂා කරමින් ජනාධිපතිවරයා වරින්වර පාර්ලිමේන්තුවට පැමිණ විවිධ ප්‍රකාශ සිදුකිරීම විහි`ඵ සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද දින පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පිළිබදව අදහස් දක්වමින්.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ බොහෝ පිරිස් සිදුකරගෙන යන සංවර්ධනය වෙනත් දිශාවකට ගෙනයාම සදහා කටයුතු කරමින් සිටින බවයි.
මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය ද මෙලෙස අදහස් පළ කළා.