චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් අද මෙරටට පැමිණීයා.
ඔවුන් දින 5ක් මෙරට රැඳී සිටිනු ඇති.
චීන කොමියුනිස්ට් පක්ෂ නායකවරයාගේ ශ්‍රී ලංකා චාරිකාව සදහා අවශ්‍ය කටයුතු සොයා බැලීමටයි එරට ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ මහතා ඇතුළු 06 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පැමිණි ඇත්තේ.
පිරිස උදෑසන 10.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරනු ලබන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් විසින්.
පිරිස – රජයේ ප්‍රධානීන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ශ්‍රී ලංකා සංචාරය කිරෙමට සැලසුම් කර ඇත්තේ එළඹෙන සතියේ දී.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ද දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලබන 19 වනදා මෙරටට පැමිනෙනු ඇති.
උණුසුම් පුවත්
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්














