මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී සිරි ජුනේ මහත්මිය සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර හමුවක් පැවැත්වුණා.
ඒ නාවික හමුදා මූලස්ථානයේදී.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද කාර්යාලයේ මෙහෙයවීම යටතේ සිදු කෙරෙන පුහුණු වැඩසටහන් පිළිබදව මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේද දායකත්වයෙන් මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.
සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙම පුහුණු වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.