ස්පාඤ්ඤයේ සිට උරුගුවේ බලා පියාසර කරමින් තිබූ යුරෝපා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් උඩු ගුවනේදී වායු තෙරපීමකට ලක්වීමෙන් මගීන් 30 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම තත්ත්වය හේතුවෙන් එම ගුවන් යානය බ්‍රසීලයට හදිසි ගොඩබැස්මක් සිදු කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

මගීන් 325 දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ බොයිං 787-9 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ එම ගුවන් යානය වායු තෙරපුමට ලක්වීමෙන් පසු දකුණුදිග බ්‍රසීලයේ නේටල් ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content