මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු 4ක් සමග පුද්ගලයෙකු සහ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු ඇහැළියගොඩ සහ ඇඹිලිපිටිය ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලිසිය කියා සිටියේ ඊයේ(28) රාත්‍රී ඇඹිලිපිටිය, සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත රිපීටර් තුවක්කුවක් සහ බොර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු ඇමිලිපිටිය පොලිසියේ නිලදාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 42ක් පමණ වන මොරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(29) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර ඇහැළියගොඩ ඇරෑපොල ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු හතරක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ අපරාධ නිවාරණ මෙහෙයුමක් අතරතුර ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට  ගත් සැකකරු වයස අවුරුදු 30ක් පමණ වන ඇරෑපොල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අද(29) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content