අම්පාර ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට සිදුකළ වැටලීමක දී ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු ගජමුතු 3ක් සමඟ අත්අඩංගුවට ගැනුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 21 හැවිරිදි සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලිසිය මඟින් සිදුකරන කරනවා.
සැකකරු අද අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





 


 






 
								