වත්තල, පල්ලියවත්ත නිවසක සඟවා තිබූ කිලෝ 39 කට ආසන්න කේරළ ගංජා තොගයක් කැලණිය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර ඇති බව සඳහන්. පොලිස් භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බවයි පොලීසිය පැවසුවේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබූ බවත්, අදාළ වැටලීමේදී සැකකරුවන් හය දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













