ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කොළඹ මධ්‍යම බස් රථ කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු හෙට ආරම්භ කෙරෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මගීන්ට, රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසෙන පරිදි මෙම නවීකරණ කටයුතු සිදුකෙරෙන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික චන්දිමාල් මහතා පවසන්නේ.
නව ව්‍යාපෘතිය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතයි.
බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ගුවන් හමුදාවේ තාක්ෂණයෙන් වීමත් විශේෂත්වයක් වනවා.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්














