කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව එක් මංතීරුවක් වසා දැමීමට තීරණය කොට තිබෙනවා.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර එය දින කිහිපයක් තුළ වරින්වර සිදු කරන බව සඳහන්.

අදාල නඩත්තු කටයුතු මේ මාසය පුරාම සිදු කිරීමට නියමිත බවද සඳහන් වනවා.

මේ හේතුවෙනුයි කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘත කරන බව පැවසෙන්නේ.

මෙම නඩත්තු කටයුතු සිදුකරන කාලසීමාවේ දී වසා තැබෙන මංතීරු දිශාව සහ දිනයන් පිළිබඳව වාර්තාවක් දැක්වෙනවා.
එළබෙන 11,13,15,17,18,20,22,24,26 සහ 28 වනදා මෙසේ මාර්ගයේ එක් මන්තිරුවක් වස තැබෙනු ඇති.

WhatsApp Group

Skip to content