ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් නිවේදනය කර තිබෙනවා.
ඔහුගේ සමාජ මාධ්‍යයේ සදහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරඟ පහකින් යුත් පන්දුවාර 20 තරගාවලියේ ආරම්භක තරඟ දෙක ඔහුගේ අවසන් තරඟ වනු ඇති බවයි.
එම තරගාවලියට අදාළව නම් කර ඇති සංචිතයට 37 හැවිරිදි ඇන්ඩ්‍රේ රසල් සංචිතයට ඇතුළත් කර ඇති අතර, ජැමෙයිකාවේ සබීනා පාර්ක් හි ඔහුගේ මව් ක්‍රීඩාංගණයේදී ඔහුගේ සමුගැනීමේ තරග දෙක පැවැත්වැත් වෙන බවයි ක්‍රීඩා මධ්‍ය වාර්තා කරන්නේ.
2010 වසරේදී T20 ජාත්‍යන්තර ක්‍රීඩාවට පිවිසුණු ඇන්ඩ්‍රේ රසල්, කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තරඟ 74ක් සඳහා ක්‍රිඩාකර ඇති අතර, ඔහු එහිදී ලකුණු 884ක් රැස් කර කඩුලු 46ක් ද දවා ගැනීමට සමත්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි














