පවතින අයහපත් කාලගුණික තත්වයත් සමඟ වෙළෙඳපොලේ එළවළු සහ මාළු මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති අජිත් කළුතරගේ මහතා සදහන් කළේ මෙම තත්වය අඛණ්ඩව පැවතියහොත් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.
මේ අතර මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.