එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද විරෝධතා ව්‍යපාරයක් පැවැත්වුනා.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් එකව මෙම උද්ගෝෂණය ආරම්භ කර තිබුනේ පසුගිය දිනවල උද්ඝෝෂණවලට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර ඇතුළු ආණ්ඩුවේ මර්ධනයට එරෙහිවයි.

කුරුඳු පොලු හමුදාවට විරෝධය දැක්වීම, පාසල් දරුවන්ට කඳුළු ගෑස් ගැසීම සහ පොලිසිය සරසවිවලට කඩාපැනීම මෙම විරෝධතාවයේ ප්‍රධාන සටන් පාඨ බවට පත්ව තිබුනා.

පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම විරෝධතාව පාලන කිරීම සඳහා අද පෙරවරුවේ සිට තුම්මුල්ල හන්දිය සහ කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන රැසක ස්ථානගතව සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.

WhatsApp Group

Skip to content