උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රදවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේ දී වසා දැමීමට තීරණය කර තිබෙනවා.
කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික්කවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කලා.
යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් තවදුරටත් ක්‍රියාත්මකව වන අතර එහි සිටින පවුල් සංඛ්‍යාව 10ක්.
ඔවුන් සියලුදෙනාට ද ඉඩම් ලබාදී සියලු සුබසාධන මධ්‍යස්ථාන වසා දැමිමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කලේ .