ඉරානයේ උත්තරීතර නායක, අයතුල්ලා අලි කමේනි සැඟව සිටින ස්ථානය නිවැරදිවම දන්නා බවත්, ඔහු පහසු ඉලක්කයක් බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත් ඔහු ඝාතනය නොකරන බවත්, මේ මොහොතේ කිසිසේත්ම ඔහු ඝාතනය කිරීමට යොමු නොවන බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබෙනවා. නමුත් මේ වන විට ඉරානයේ උත්තරීතර නායකයා එහි ආරක්ෂිතව සිටින බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය සටහනෙන් අවධාරණය කරනවා.
එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට අනතුරු ඇඟවීමක් සිදු කරමින් පවසා ඇත්තේ මේ වන විට ඉවසීමේ සීමාව අඩු වෙමින් පවතින බවයි.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













