ගැටුම් නිමාකර යුක්රේනයට සාමය ගෙන ඒමේ ක්‍රියාවලියේදී මෙවර ජි 20 සමුළුවේ සභාපතිත්වය දරණ ඉන්දියාවට ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කළ හැකි බව ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි පවසනවා.
යුක්රේන ගැටුම් නිමා කිරීමේදී සියලු ජාතීන් එක්ව තබා ගැනීම වැදගත් බවත්, ඉන්දියාවට එය හොඳින් සිදුකළ හැකි බවත් අග්‍රාමාත්‍යවරිය පවසා තිබෙනවා.ඇය මෙම අදහස් පල කර ඇත්තේපසුගියදා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේදීයි.
එමෙන්ම ඉතාලි අග්‍රාමාත්වරිය සිය ඉන්දීය සංචාරයේදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ආරක්ෂාව, සහ බලශක්තිය යන අංශවලින් ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- ප්‍රධාන දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ සූදානමක්
- මංගල සභාවට සභාපති දැම්ම යෝජනාව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ප්‍රතික්ෂේප කරයි
- ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
- සිරියාවේ පාර්ශව දෙකක් අතර ගැටුම මර්දනය කිරීමට විශේෂ හමුදාවක්
- මීතොටමුල්ලේ හදිසි සෝදිසි මෙහෙයුමක්
- යතුරු පැදි – වෑන් රථ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබයි
- නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ – විමලසුරේන්ද්‍ර වාන් දමයි – PHOTOS
- ධීවරයෙක් මුහුදේ අතුරුදන්