වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකරගැනීමේ අවස්ථාව ඊයේ අහිමි වුණා.
මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම දෙවන ස්ථානය හිමිකරගත්තද පසුව එය නීතිවිරෝධී ජයක් බවටයි තරග බලධාරීන් තීරණය කළෙ.
ඒ තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු යශ්ටිය හුවමාරු කිරීමේදී වෙනත් අයෙකුගේ මංතීරුව ස්පර්ශ කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් මේ වනවිටත් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
……………………………………………………………………………………
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟ තුනක් අද දිනයේදී පැවැත්වෙනවා.
එහිදී පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.
දෙවැනි තරඟය ඉන්දියාව සහ නෙදර්ලන්තය අතරත්, තෙවැනි තරඟය ඕස්ටේරලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම තරඟ තුනම අද පස්වරු 2ට ආරම්භවීමට නියමිතයි.
උණුසුම් පුවත්
- මිහින්තලේ පාකිංවලට ටිකට් කඩන්න ඇවිත් ගිනි විජ්ජුම්බරයයි
- බස්නාහිරට නව ප්‍රධාන ලේකම්වරයෙක්
- මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට
- යුක්රේනයට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
- බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කරයි
- පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට එරෙහිව ගම්වාසීන්ගේ විරෝධය
- යතුරු පැදිය උස්සා පැය කිහිපයක් තුළ බඩුත් එක්කම සොරා අල්ලා ගනියි
- දේව පූජාවට තැබූ අඹ ගෙඩි දෙකකට ලක්ෂ අටකට ආසන්න මිලකට විකිණෙයි