මුලතිව්,මල්ලාවි,තෙන්නියර්කුලම ප්‍රදේශයේදී ආවා කල්ලියට සම්බන්ධ බව සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා මාන්කුලම කඳවුරු නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සතුව තිබී කඩු දෙකක් හා කෙටේරියක් වැටලීම සිදු කළ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ක් හා 22 ක් වයසේ පසුවන මාන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඔවුන් මාන්කුලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

WhatsApp Group

Skip to content