අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 26ක් වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
එමෙන්ම තවත් පුද්ගලයන් 41 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර අද දිනයේත් පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.

මේ අතර ගංගා ද්‍රෝනි වල අවධානම් තත්ත්වට පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළා.

මේ අතර මේ අතර ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇගවීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසනවා.

WhatsApp Group

Skip to content