නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නානුඔය ප්‍රදේශයේ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම පාසල් සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පසුගිය 5 වනදා ඇතුළත් කර තිබෙනවා.
පහරකෑමෙන් පීඩාවට පත් පාසල් සිසුවිය ඊයේ(06) දින පාසල් නොගිය සිසුවිය, හිසරදය, කරකැවිල්ල, ඔක්කාරය යන රෝග ලක්ෂණ නිසා දියණියගෙන් කරුණු විමසූ දෙමව්පියන් ඒ පිළිබඳ නානුඔය පොලිසිය වෙත පැමිණිලි කර පසුව සිසුවිය රෝහල් ගත කර තිබෙනවා.
පහර කෑමට ලක්වූ සිසුවිය කියා සිටියේ අදාළ ගුරුවරයා නිරන්තරයෙන් ශිෂ්‍යාවන්ට හිරිහැර කරන බවත් ඔවුන් වාචිකව අපයෝජනය කර පහර දෙන බවයි.
“පස්වෙනිදා(05) මට කම්මුලට සහ කන් ප්‍රදේශවලට දරුණු ලෙස පහර දුන්නා.
අවසානයේ මගේ හිස මේසය මත තබා ගුරුවරයාගේ වැලමිටෙන් මගේ පිටට පහර දුන්නා.
මේ නිසා මට වේදනාව දරාගත නොහැකි වූ අතර පාසල් අවසන් වනතුරු මට මුත්‍රා පිටවීමට පටන්ගත් බවයි” පහරකෑමට ලක්වූ සිසුවිය කියා සිටියේ.
අදාළ සිසුවියට පහරදුන් ගුරුවරයා පාසලේ බොහෝ සිසුන්ට නිරන්තරයෙන් මේ ආකාරයෙන් පහර දෙන බවත් ගුරුවරයා මීට පෙර සිසුවෙකුට පොල්ලකින් පහරදී ඇති බවත් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටිනවා.
පහරදීම සිදු කළ බවට චෝදනා එල්ල වන ගුරුවරයා ඊයේ(06) රාත්‍රීයේ නානුඔය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අද(07) ඔහු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.














