කැබ් රථයක දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී එය මාර්ගයේ පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.
යතුරුපැදියේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් වන පොකුණු විට හංස උයන පදිංචිව සිටි පි ඒ සුමනාවතී නම් 62 හැවිරිදි තිදරු මවක් මෙලෙස මියගොස් ඇති අතර, ඇගේ සැමියා තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කළා.
යතුරුපැදිය පොකුණු විට සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේ දී නවතා තිබූ කැබ් රථයේ දකුණු පස දොර එකවරම විවෘත කිරීම හේතුවෙන් යතුරුපැදියේ හැඩලයේ ගැටී මාර්ගයට වැටී ඇති අතර පසුව පසුපැදිකාරිණිය පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම සැකකාර විශ්‍රාමික යුද්ධ හමුදා ආබාධිත සෙබළා සහ ත්‍රීරෝද රථ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා අද (30) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.