වැල්ලවාය වීරසේකරගම මාලේවනයාය ගම්මානයට සෑම දිනකම පාහේ අධි වෝල්ටීයතා විදුලි ධාරා පැමිණීම නිසා එම පිරිස් පීඩාවට පත්ව සිටිනවා.

පවුල් සීයයකට අයත් පුද්ගලයන් පන්සීය දෙනෙකු පමණ මෙම ප්‍රදේශයේ ජීවත්වන අතර විදුලිය ලබා දෙන ට්‍රාරන්ස්පෝමරයේ ගැටළු සහගත තත්වයක් පවතින බවටයි ගම්වැසියන් චෝදනා කරන්නේ.

ට්‍රාරන්ස්පෝමරය විටින් විට ගිනි ගන්නා බවද සඳහන්.

අධි වෝල්ටීයතා විදුලි ධාරා පැමීනිම නිසා විදුලි උපකරණ සහ විදුලි පහන් රැසක්ම පිලිස්සී ගොස් තිබෙනවා.

මෙම තත්වය හමුවේ ජීවිත අවදානමක් ද මතුව තිබෙනවා.

අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුවත් කළ ද මේ වන තෙක් විසඳුමක් ලැබී නොමැති බවයි එම ජනතාව සඳහන් කලේ.

 

 

WhatsApp Group

Skip to content